ජාතික තව්හිත් ජමාද් ත්‍රස්ථ සංවිධානය පාස්කු ඉරිදා මෙරට කතෝලික දේවස්ථාන සහ ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලව එල්ල කිරීමට පෙර මරාගෙන මැරෙන බෝම්බකරුවන් ප්‍රතිඥාවක් දුන් අයුරු දැක්වෙන වීඩීයෝවක් අද (24) මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
එහිදී සහරාන් හෂීම් ටී 56 වර්ගයේ ගිනි අවියකට සමාන අවියක් අත දරා සිටි අයුරු මෙන්ම බෝම්බකරුවන් අත පිහි කිහිපයක් තිබෙන අයුරු විඩියෝවක් නිකුත්කර තිබේ.
එමෙන්ම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ සීසීටීවී දර්ශන මේ වන විට මාධ්‍ය වෙත නිකුත් ව තිබේ.
එහි පිරිසක් එම අවස්ථාව වන විට එම හෝටලයේ තැප්රොබේන් ශාලාවේ උදෑසන ආහාර ගනිමින් සිටින අයුරු දක්නට ලැබුණි.
බෝම්බකරු එම ස්ථානයට පැමිණෙන්නේ පෙරවරු 9.12ටයි.
මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 39 දෙනකු විදේශිකයින්.
මේ අතර කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයේ සීසීටීවී දර්ශනද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී ඇත.
එහි සටහන්වී තිබුණේ පාස්කු ඉරිදා දින ප්‍රහාරකයින් දෙදෙනෙකු හෝටලය වෙත පැමිණෙන ආකාරයයි.
අනතුරුව ඔවුන් එහි තිබූ විදුලි සෝපානයකට ඇතුළුවන අයුරු මෙලෙස සටහන්වී තිබූ අතර එහි මෙම ප්‍රහාර මාලාවේ මහමොලකරු ලෙසින් සැලකෙන සහරහන් හෂීන්ව සටහන්ව තිබුණේය.
පසුව බෝම්බකරුවන් දෙදෙනා විදුලි සෝපානයෙන් බෝම්බ ප්‍රහාරය එල්ලවූ තෙවැනි මහලට ගමන් ගන්නා අයුරුද සටහන්ව තිබුණි.
ඔවුන් තෙවැනි මහලට ඇතුළු වූ අකාරයද දක්නට ඇත.
පසුව ඔවුන් දෙදෙනා බෝම්බය පුපුරුවා ගනු ලැබුවේය.