ප්‍රහාරය ගැන අමෙරිකානු රජය දැනුවත් වෙලා නෑ

Share

මෙරට සිදුවු පිපිරීම් මාලාව සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා අමෙරිකාවේ FBI සහය ලබා දෙන බව මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා.බී.ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

මේ අතර නවසීලන්තයේ ඉස්ලාමිය දේවස්ථානයට එල්ලවු ප්‍රහාරයට පළිගැනීමක් වශයෙන් ශ්‍රී ලංකාවට මෙම ප්‍රහාර මාලාව එල්ලවු බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (23) පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය නවසීලන්ත රජය අද(24)  ප්‍රතික්ෂේප කළේය.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට නවසීලන්ත බුද්ධි තොරතුරු අනාවරණය කරගෙන නොමැති බව නවසීලන්ත අග්‍රමාත්‍ය ජැසින්ඩා ආඩෙර්න් මහත්මිය සඳහන් කරයි.

මේ අතර අමාත්‍ය හර්ෂද සිල්වා CNN ප්‍රවෘත්ති නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකා බුද්ධි අංශද තොරතුරු ලබාදුන් බවයි.

කෙසේවෙතත් මෙරට අමෙරිකානු තානාපතිය පවසන්නේ මෙවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් තම රජය දැනුවත් වීමක් නොමැති බවයි.

Read more

Local News