ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

Share

රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරිම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (25) දිනයේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇත.

අද පෙරවරු 10.00ට ජනාධිපති කාර්යාලයේදී මෙම සමුළුව පැවැත්වීමට නියමිතය.

මේ අතර සර්ව ආගමික කමිටුව ද අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත.

අද පස්වරු 04.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සර්ව ආගමික කමිටුව රැස්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණි.

ජනාධිපති නිල නිවසේ පැවැති මෙම සාකච්ඡාවේදී රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

මෙරට ආරක්ෂක අංශයේ කඩිනම් ප්‍රතිසංධානයක් සිදු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාල සාකච්ඡාවේදී දැනුම් දී ඇත.

Read more

Local News