ධීවරයින්ට, නාවිකයින්ට කාලගුණයෙන් නිවේදනයක්

Share

සමකය ආසන්න නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් හෙට(26) දින පමණ සිට වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ පිළිබඳ නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් හා ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

අද(25) සවස 2.00 න් පසු බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකිය.

අකුණු මඟින් ඇතිවන අතතුරු අවම කර ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read more

Local News