ප්‍රහාරයෙන් රටවල් 13ක විදේශිකයින් මරුට

Share

දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් පසුගිය ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් රටවල් 13කට අයත් විදේශිකයින් ජිවිතක්ෂයට පත් ඇති බව තහවුරු වී ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට මියගිය විදේශිකයින් 36 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

මියගිය විදේශිකයින් චීනය, ඉන්දියාව,  බංග්ලාදේශය, ඩෙන්මාර්කය, ජපානය, නෙදර්ලන්තය, පෘතුගාලය, සෞදි අරාබිය, ප්‍රංශය, තුර්කිය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලට අයත් බව සඳහන්ය.

ඉන්දියානු ජාතිකයින් 11 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 06 දෙනෙකු, ඩෙන්මාර් ජාතිකයින් තිදෙනෙකු ඒ අතර වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටියි.

ඊට අමතරව අදාල ප්‍රහාරවලින් තවත් විදේශකයින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වෙයි.

විදේශිකයින් 14 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙතෙක් හඳුනා නොගත් විදේශකයින් හඳුනා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින අතර පීඩාවට පත් විදේශකයින් පිළිබඳව දැනුම්දීම සදහා 011 2 323015 යන හදිසි දුරකතන ඇමතුම් අංකයක් ද හඳුන්වා දී ඇත.

පොලිස් වාර්තාවලට අනුව විදේශිකයින් 39 දෙනෙකු අදාල ප්‍රහාර වලින් මියගොස් ඇති බව සඳහන්ය.

මේ අතර කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදු කරන සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසා සිටියි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සදහා ත්‍රිවිධ හමුදාවේ සහය ද ලබා ගෙන ඇති බවය.

Read more

Local News