සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

Share

රටතුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ බස්රථ තුළ විශාල ප්‍රමාණයේ ගමන්මලු රැගෙන යෑම, ඒවා රාක්ක මත තැබීම සහ බස්රථ තුළගමන් මලු තබා බැස යෑමෙන් වළකින ලෙස සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පොලීසිය හා හමුදාව ඇතුළු ආරක්ෂක අංශයේ නිලධාරීන් මේ දිනවල එක්ව පරීක්ෂා කිරීම්වලට සහාය දැක්වීමට රියදුරන් හා කොන්දොස්තරවරුන් සමග බස් මගීන්ද එක්විය යුතු බව එම සංගමයේ ලේකම් ගැමුණු පරණවිතාන මහතා පැවසීය.

ඒ අනුව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් බස් මගීන් දැනුවත් කිරීමේවැඩපිළිවෙළක් ආරම්භ කළ බවද ලේකම්වරයා සඳහන් කළේය.

ඉවසීමෙන් හා බුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙසත්, ආරක්ෂක අංශ හා අනෙකුත් මහජනතාව නොමග යැවීමේ ක්‍රියාවන්ගෙන් වළකින ලෙසත්, බස්මගීන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි කිරීම්වලට සහාය දක්වනලෙස සියලුම බස් රියදුරන්ගෙන් හා කොන්දොස්තරවරුන්ගෙන් ඉල්ලීමක් කළ බවද හෙතෙම පැවසීය.

ඒ අනුව දිවයියේ සියලු පළාත්වල බස් රථ සේවකයන්ගෙන් ඊට යහපත්ප්‍රතිචාරයක් ලැබුණු බවද ලේකම්වරයා පවසා සිටියේය.

Read more

Local News