සිරියාවේ බෝම්බ පිපිරීමකින් 17ක් මරුට

Share

සිරියාවේ වයඹදිග ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 17දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ප්‍රහාරයෙන් තවත් 27 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි සඳහන්ය.

වයඹදිග සිරියාවේ කැරලිකරුවන් යටතේ පාලනය වන ප්‍රදේශයක් වන ජීසර් අල් ෂූගුර් නගරය මධ්‍යයේ පිපිරීම සිදුව තිබුණි.

ඒ ආශ්‍රිත ප්‍රදේශයට රුසියාවෙන් ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල වී දිනකට පසුව මෙම පිපිරීම සිදුව තිබීමත් විශේෂත්වයකි.

පිපිරීමෙන් පෞද්ගලික නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක්ද කඩා වැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ප්‍රහාරයෙන් මියගිය ගණන තවදුරටත් ඉහළ යා හැකි බවද එම වාර්තාවල දැක්වෙයි.

සිදුවීමෙන් තුවාල ලැබූවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් සඳහන්ය.

ඉකුත් සති කිහිපය තුළදී ජීසර් අල් ෂූගුර් නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය රුසියානු ගුවන් හමුදාවේ සහ සිරියානු හමුදාවේ බෝම්බ ප්‍රහාර වලට නිරන්තරයෙන් ගොදුරු වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News