ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු බාර ගන්නේ නෑ

61

පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ආශ්‍රිතව සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු තමන් භාර ගැනීමට සූදානම් නොමැති බව ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය පවසයි.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අද(25) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

මේ අතර මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් තම මුස්ලිම් ප්‍රජාවට අයත් නොවූවන් බව ඔවුන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකික මුස්ලිම්වරුන් අතීතයේ සිට මේ දක්වා කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් සිදු කර නොමැති බවත් එම ත්‍රස්ත ක්‍රියාවලට අනුබලදී නොමැති බව ඔවුන් සඳහන් කරයි.

මෙරට ජීවත් වන සියලුම ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කිරීමට හා සෑම පුරවැසියෙකුටම හිමි තම ආගම ඇඳහීමේ නිදහස තහවුරු කිරීමට නිසි පියවර ගන්නා ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටී.