මරාගෙන මැරෙන කාටවත් ස්වර්ගයට යන්න බෑ

Share

මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය කරගෙන සිටීම රටට නොගැළපෙන බවත්, රටේ ආරක්ෂාවට එය ප්‍රශ්නයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

මේ නිසා ඔවුන් මුහුණ ආවරණය කරගෙන සිටින රෙදි කැබැල්ල ඉවත් විය යුතු බව පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

හෙතෙම මේ බව පවසා සිටියේ අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

මුහුණ ආවරණය කරගෙන සිටින ලෙසට කුරාණයේ සඳහන්ව නොමැති බවත්, මරාගෙන මැරෙන කිසිවෙකුටවත් ස්වර්ගයට යා නොහැකි බව සියලුම දෙනා දැනගත යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.

Read more

Local News