ත්‍රස්තවාදී සැකකරුවෙකු සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්

Share

ත්‍රස්තවාදී සැකකරුවෙකු සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගත හැකි බව නීතිවේදීන් පවසා සිටියි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ හැසිරීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ නීතියක් අවශ්‍ය වන බව අධිනීතීඥ ගෝමින් දයා ශ්‍රී මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා හදිසි නීතිය අත්‍යාවශ්‍ය නොවන බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව සැකකයක් ඇති වූ පමණින් පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිනීතීඥ ගෝමින් දයා ශ්‍රී මහතා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News