ඉහළ පොලිස් නිලධාරීන් 13කගේ ස්ථාන මාරුවීම් අත්හිටුවයි

Share

පොලීසියේ ඉහළ නිලධාරීන් 13දෙනෙකු සඳහා වාහම ක්‍රියාත්මක වන පරිදි  ලබා දුන් ස්ථාන මාරුවීම් තාවකාලිකව අත්හිටුවා තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙම තිරණය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.

ස්ථාන මාරු කළ පිරිස අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 04 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා පොලිස් අධිකාරීවරුන් 07 දෙනෙකු වන බව වාර්තා වෙයි.

අදාළ පොලීසියේ ඉහළ නිලධාරීන් 13දෙනාගේ ස්ථාන මාරු කිරීම වාහම ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාව අත්හිටුවා ඇත.

Read more

Local News