බෝම්බ පිපිරීම සිදුවු නිවස FBI පරීක්ෂාවට

Share

දෙමටගොඩ මහවිල උද්‍යානයේ පසුගිය 21 වන දින බෝම්බ පිපිරීම සිදුවු නිවස අද(26) දින FBI නියෝජිතයින් පිරිසක් අද පැමිණ පරීක්ෂා කර තිබේ.

මෙම අවස්ථාවේ දී මාධ්‍යවේදීන්ට එම ප්‍රදේශයට ළඟා වීමට ආරක්ෂ අංශ විසින් අවසර ලබා දී තිබුණේ නැහැ.

කෙසේ වෙතත් මෙම පිරිස විනාඩි 30 ක පමණ වේලාවක් අදාළ ස්ථානයේ රැඳී සිට පසුව එතැනින් නික්ම ගිය බව වාර්තාවෙයි.

මොවුන් පිපිරීම් සිදුවු සෙසු ස්ථාන වෙත යන අතර තුර මෙම ස්ථානයට ද පැමිණ ඇති බව වාර්තා වෙයි.

පසුගිය 21 වන දා පොලිස් විශේෂ බලකායට ලද තොරතුරකට අනුව එහි හදිසි වැටලීමක් සිදුකිරීමට සූදානම් වූ අවස්ථාවේදී සිදු වු පිපිරීම් හේතුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

Read more

Local News