සමාජ මාධ්‍ය තහනම ඉදිරි පැය 24 තුළ ඉවත් කරයිද ?

Share

සමාජ මාධ්‍යවලට පනවා ඇති තහනම බොහෝවිට ඉදිරි පැය 24ක කාලය තුළ ඉවත් වනු ඇතැයි කියා තමා විශ්වාස කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

සමාජ ජාලවලට පනවා ඇති තහනම පිළිබඳ යළි සලකා නොලබන්නේ දැයි අද (26දා) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී නැගූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මෙසේ පැවසීය.

” මම හිතනවා බොහෝ විට ඉදිරි පැය 24 තුළ ඒ තහනම ඉවත් වෙයි කියල. වීපීඑන් (VPN )වලින් හැමෝම මේවට පිවිසෙනවා. ඒක දැන් ප්‍රසිද්ධ රහසක්. මමත් යනවා.”

Read more

Local News