විජයදාස අසරණ වු හැටි ජනපති කියයි

Share

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පිරිසක් IS සංවිධානය හා සම්බන්ධ බවට පැවැසූ විට ඇතැම් පිරිස් එය හාස්‍යයට ලක්කර ඔහුව අසරණ කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“මේ ප්‍රහාරය මත්ද්‍රව්‍ය සටනට මාව තවත් ශක්තිමත් කරනවා. මට ලැබුණ තොරතුරු අනුව ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන හා මත්ද්‍රව්‍ය ජාවාරම එකට යන්නේ.

දැනට මේ මත්ද්‍රව්‍ය පිළිබඳව විදේශිකයන් රාශියක් අපි අත්අඩංගුවට ගත්තා පසුගිය කාලය පුරාවටම. ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය අපේ සිරභාරයේ ඉන්නවා.

දැන් දවස් දෙකකට කලින් පාර්ලිමේන්තුවේදී විජයදාස මන්ත්‍රීතුමා මේ ගන 2016 දි කිව්වා. විජයදාස මන්ත්‍රීතුමා අලුත් නීති හදමු කිව්වා.

ඒ වෙලාවේදි විජයදාස මන්ත්‍රිතුමාගේ කතාව  හාස්‍යට ලක්කරලා ප්‍රතික්ෂේප කරලා බොහොම අසරණ කළා.”

Read more

Local News