ප්‍රහාර එල්ල කළ 8න් 7ක් ආරක්ෂක අංශ හඳුනා ගනී

Share

ඉකුත් පාස්කු ඉරු දින මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ 8 දෙනාගෙන් 7 දෙනෙකු හඳුනා ගැනීමට අද වන විට ආරක්ෂක අංශ සමත් වි තිබේ.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නැහැ.

ඉකුත් පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරිමට පෙර කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් , ෂැන්ග්‍රිලා  හා කිංග්ස්බරි යන හෝටල්වල කාමර ප්‍රහාරයට පැමිණි බෝම්බකරුවන්ට නවාතැන් ගැනිම සඳහා වෙන් කර ඇත්තේ මොහොමඩ් මුබාරක් නැමැත්තෙක්.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කර ඇත්තේ ද මොහොමඩ් මුබාරක් නැමැත්තායි.

ඒ අනුව මොහොමඩ් මුබාරක් එම හෝටලයට පැමිණෙන අයුරු සටන් වු සිසිටිවි දර්ශන මේ වන විට මාධ්‍යය වෙත නිකුත් වි තිබේ.

එහි සටහන් වි ඇත්තේ මොහොමඩ් මුබාරක් බෝම්බ ප්‍රහාරය එල්ල කිරිමට පෙර දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට රතු පැහැති කාර් රථයකින් පැමිණෙන ආකාරයයි.

අනතුරුව ඔහු පිලිගැනීමේ කවුන්ටරය වෙත පැමිණෙන්නේ රාත්‍රි 7.07ටයි.

එහිදි ඔහු බීම වීදුරුවක් පානය කරන ආකාරයත් සිසිටිවි දර්ශනවල සටහන්ව තිබුණි.

පසුව එදින රාත්‍රියේ ඔහු සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ 425 වැනි කාමර ලැගුම් ගෙන පාස්කු ඉරිදා දින තැප්‍රෝබේන් ආපනශාලාව වෙත පැමිණෙන්නේ පෙරවරු 8.46ටයි.

එහිදි බෝම්බකරු වන මොහොමඩ් මුබාරක් පුපුරන ද්‍රව්‍ය පුරවා ගත් බෑගයද එල්ලාගෙනම ඔහුගේ උදෑසන ආහාරය ගන්නා අයුරුයි දැක්වෙයි.

විනාඩි කිහිපයක් එහි ආහාර ගන්නා ඔහු එම ස්ථානයෙන් පිටව යන්නේ පෙරවරු 8.52ට පමණ.

අනතුරුව බෝම්බකරු ඉන් පිටව ගොස් යළි තැප්‍රෝබේන් ආපනශාලාවට ඇතුලු වන්නේ පෙරවරු 9.12ට පමණ.

එහි කලබලයෙන් මෙන් තත්ත්පර කිහිපයක් රැදි සිටින මරාගෙන මැරෙන බෝම්බකරු වන මොහොමඩ් මුබාරක් බෝම්බය පුපුරුවා ගනු ලබයි.

එමෙන්ම මොහොමඩ් මුබාරක් නැමැත්තා විසින් අදාල හෝටල්වල කාමර වෙන්කරවා ගැනීමට පෙර බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ වෙළඳ සැලකින් පුපුරණ ද්‍රව්‍ය බෝම්බකරුවන් විසින් රැගෙන ආ ගමන් මලු 08 මෙන්ම ඔරලෝසු 08ක් සහ පාවහන් යුගල 08ක් මිලදී ගෙන ඇති බවයි වාර්තා වෙයි.

මේ අතර මොහොමඩ් මුබාරක්ගේ බිරිඳ හා දරුවා අතුරුදන්ව සිටි අතර අද මාවනැල්ල මුරුතවෙල  ප්‍රදේශයේ පිහිටි ඇගේ මවුපියන්ගේ නිවසට පැමිණි අවස්ථාවේදි නිවැසියන් දුත් තොරතුරක් මත මාවනැල්ල පොලිසිය විසින් ඔවුන් අත්අංඩගුවට ගනු ලැබීය.

මේ අතර ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය සඳහා පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් බවට ස්ථිර වශයෙන්ම තහවුරු වි තිබෙන අතර අනෙක් පුද්ගලයා 33 හැවිරිදි ඉම්සාත් අහමඩ් ඊබ්‍රහීම් බවට ද තහවුරු වි තිබේ.

මේ අතර එදින ෂැංග්‍රිලා ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් පුද්ගලයෙකු මෙලෙස අදහස් පළ කළේය.

මෙම ප්‍රහාර මාලාවේ මහමොලකරු ලෙසින් සැලකෙන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් කොළඹ මරදාන ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු එහි සිට සංවිධානයේ කටයුතු පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වෙයි.

එමෙන්ම සහරාන් හෂීම් විසින් 2015 වසරේ කාත්තන්කුඩි නගර මධ්‍යයේ පිහිටි හිස්බුල්ලා ක්‍රීඩාංගණයේදී ආරාබි ජාතිකයින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත සමුලුවක් පවත්වා තිබේ.

එහිදී තව්හිද් ජමාද් සංවිධානයේ ටීෂර්ට් හා අත්පත්‍රිකා බෙදා ඇති අතර එහි ආරක්ෂාවට තවත් පිරිසක් යොදවා තිබුණු බව වාර්තා වෙයි.

එමෙන්ම කාත්තන්කුඩි වෙරළ මාර්ගයේ පිහිටා ඇති තව්හිද් ජමාද් සංවිධානයට අයත් මධ්‍යස්ථානයේ සිට සහරාන් හෂීම් විසින් මීට පෙර එම සංවිධානයේ කටයුතු පවත්වාගෙන ගොස් තිබේ.

2015 වසරේදී තව්හිද් ජමාද් සංවිධානයේ එම මධ්‍යස්ථානය තහඩුවලින් සකස් කර  පවත්වාගෙන යන ආකාරය මෙලෙස දැකගත හැකිවුණු අතර අදවන විට එය පවතින්නේ මෙලෙසින්.

එම කාලවකවානුව තුළ කාත්තන්කුඩි ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය හා තව්හිද් ජමාද් සංවිධානයේ පිරිසක් අතර නිතර නිතර ගැටුම් ඇති වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සහරාන් හෂිම් හා ඔහුගේ සහෝදරයෙකු වන මොහොමඩ් රිල්වාන් හෂීම් එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වෙයි.

මේ අතර සහරාන් හෂීම්ගේ සොයුරිය විසින් බීබීසී ලෝක පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබේ.

මේ අතර දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේදි මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් අබ්දුල් ලතීෆ් ජලීල් මොහොමඩ් නැමැත්තා එදින පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණ තිබේ.

එහිදි ඔහු විදුලි සෝපානයකින් ගමන් ගන්නා අයුරු දැක්වෙන ඡායාරුපයක් ද දැක්වෙයි.

ඔහු විසින් ටාජ් සමුද්‍රා හෝටලය තුළ බෝම්බය තෙවතාවක් පුපුරුවා ගැනිමට උත්සහ කර තිබුණද එය ක්‍රියාත්මක නොවිම හේතුවෙන් ඔහු ඉන් පිටව ගොස් තිබේ.

අනතුරුව දෙහිවල ප්‍රෙද්ශයේ කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරිමේ අරමුණින් ඔහු එහි ගොස් තිබුණද ඊට පෙර දින එම දේවස්ථානයේ ඇති වු සිද්ධියක් මුල් කරගෙන ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් සඳහා පොලිස් නිලධාරින් පැමිණ සිටිම නිසා එම ප්‍රහාරයද ව්‍යර්ථ වි තිබුණි.

පසුව ඔහු කුලී ත්‍රී රෝද රථයකට නැග ඇති අතර එහි සිට දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල වෙත පැමිණ ඇත්තේ පෙරවරු 9.30ට පමණයි.

අනතුරුව ඔහු විසින් මාරාගෙන මැරෙන බෝම්බ කට්ටලය එම ලැගුම් හලෙහි තබා සිය ඇදුම් මාරුකර එම ප්‍රදේශයේ තිබු මුස්ලිම් පල්ලියකට ගොස් නැවත පැමිණ ඇත්තේ පැය 4 කින් පසුව බව වාර්තා වෙයි.

මේ අතර ට්‍රොපිකල් ඉන් ලැගුම්හලෙහි හිමිකරු විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කරමින් කියා සිටියේ, රෑම් එකක් ගන්න ඕනේ කිව්වා.. පසුව රූම් එකේ බඩු ටික දාලා රූම් එක ලොක් කරලා ගිහින් තිබුණ බවයි.

නැවත 1.30ට පමණ හෝටලයට පැමිණි බවත් ශද්ධයක් ඇහුණා බලන විට බෝම්බයක් පුපුරා ගිය බව ද  පැවසීය.

මේ අතර ඩේලි මේල් වෙබ් අඩවියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් දෙහිවල බෝම්බකරුගේ සොහොයුරිය පවසා ඇත්තේ සිය සහෝදරයා එංගලන්තයේ ගුවන්යානා ඉංජිනේරු තාක්ෂණය හදාරා වැඩිදුර අධ්‍යාපනයට ඔස්ට්‍රේලියාව බලා ගොස් ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙද්දි ඔහු ඉතා වෙනසකට ලක්ව ඇති බවත් අන්තවාදී මතදාරියෙකු බවට පත් වු බවත් ඇය එහිදී පවසා තිබේ.

ඔහු ඔස්ට්‍රේලියාවේ සිටින කාලයේදී අයි.එස් සබඳතාවයක් ඇති නීල් ප්‍රකාශ් නැමැති පුද්ගලයෙකු සමග සබදතා ඇති බව ද වාර්තා වෙයි.

නීල් ප්‍රකාශ් යනුවෙන් හැදින්වෙන මේ පුද්ගලයා ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් බවත් පසුව ඔහු සිරියාවට ගොස් අයි.එස් සංවිධානයට බැදි ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර කිංග්ස්බරි හෝටලයේ ප්‍රහාරය ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රහාරයට ගිය ඉම්සාත් අහමඩ් ඊබ්‍රහීම්ගේ සහෝදරයෙකු වන 31 හැවිරිදි ඉම්ෂාන් අහමඩ් ඊබ්‍රහීම් බවට තහවුරු වි තිබේ.

එමෙන්ම කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ අලවුදීන් අහමඩ් මුවාද් නැමැත්තෙක් විසින්.

මඩකලපුව කතෝලික දේවස්ථානයේ ප්‍රහාරය එල්ල කළේ නාතර් මොහොමඩ් අසාත් නැමැත්තෙක් බවටද මේ වන විට තහවුරු වි තිබේ.

Read more

Local News