මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවන්සා බි වෛරසය

Share

කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග විශේෂඥ ජූඩ් ජයමහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ දිනවල ඉන්ෆ්ලුවන්සා රෝගය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බැවින් වඩාත් කල්පනාකාරී වන ලෙසටත්, නොවැම්බර් දෙසැම්බර් මාසවල ඉන්ෆ්ලුවන්සා වෛරසය පැතිර යන බැවින් මේ දිනවල පැතිර යන්නේ ඉන්ෆ්ලුවන්සා බි වෛරසය බවයි.

මෙම වෛරසය කුඩා ළමුන්ට හා වයස් ගතවූවන්ට ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බැවින් එවැනි අය සෙනඟ වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයන් වෙත ගෙන යාම උචිත නොවේ. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ඇඟපතේ වේදනාව, කෑම අරුචිය මෙම රෝගයේ විශේෂ ලක්ෂණ වේ.

පසුගිය මාසයේදී වෛද්‍ය පර්යේෂණායතනයට ඉන්ෆලුවන්සා බි යැයි සැක කරන රෝගීන් 300ක් පමණ දෙනාගේ සෙම සාම්පල් ලැබුණ අතර ඉන් පුද්ගලයන් 40ක් පමණ රෝග කාරක වෛරසය ආසාදනය වූවන් බව තහවුරු කරගෙන ඇත.

Read more

Local News