ඇඳරි නීතිය පනවා තිබු කාලයේ පුද්ගලයින් 02ක් අත්අඩංගුවට

Share

පොලිස් ඇඳරි නීතිය පනවා තිබු කාලය තුළ දී ත්‍රිකුණාමලය නගරයේදී පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

එක් සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔහුට එරෙහිව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර ඇති බවට අනාවරණය වී ඇති බව සඳහන්ය.

අනෙක් සැකකරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබු කාළය තුළදී සේවයේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය නිළධාරීන් දැක පළා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමලය පොලීසිය වෙත බාර දීමට කටයුතු කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Read more

Local News