ගාල්ලෙදී සැකපිට තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු ගාල්ල, කරාපිටිය සිරිපුර පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක සිදු කළ වැටලීමකදී අක්මීමන පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන බවටයි සඳහන් වන්නේ.

සැකකරු සතුව තිබි විදෙස් ගමන් බලපත්‍ර දෙකක්, දුරකථන සිම්පතක් සහ ජංගම දුරකථනයක් විශේෂ කාර්ය බලකා නිළධාරීන් බාරයට ගෙන ඇත.

ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල පොලීසියට බාරදී ඇත.

Read more

Local News