මිය ගිය පිරිස වෙනුවෙන් හැටන් හින්දු කෝවිලේ විශේෂ පුජාවක්

Share

පාස්කු ඉරු දින ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් මිය ගිය අයට පින් අනුමොදන් කරමින් සහ තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් හැටන් ශ්‍රි මාණික්‍යය පිල්ලයාර්  හින්දු කෝවිලේ විශේෂ පුජාවක් ඊයේ (26) පැවැත්විණ.

හැටන් ශ්‍රී මාණික්‍යය පිල්ලයාර්  හින්දු කොවිලේ පාලක සභාව මගින් සංවිධානය කළ මෙම විශේෂ පුජාවෙන් අනතුරුව මිය ගිය  සියළු දෙනාට පින් අනුමෝදන් කරමින් පහන් දල්වා මෙම විශේෂ පුජාව පවත්වන ලදි.

මෙම විශේෂ පින්කම සදහා ප්‍රදේශයේ හින්දු භක්තියකින් විශාල පිරිසක් සහභාගි විය.

මේ අතර හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ සර්ව ආගමික නායකයින් සහ ප්‍රදේශයේ සිංහල දමිල මුස්ලිම් ජනතාව එක් වි ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් මිට ගිය අයට පින් අනුමොදන් කරමින් , ප්‍රහාරයෙන් තුවාල ලැබු අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සහ සාමය ප්‍රාර්ථනා කරමින්  ඉටි පහන් දල්වා පින් අනුමෝදන් කිරිමේ වැඩසටහනක්ද ඊයේ නොර්වුඩ් නගර මධ්‍යයේදි සිදු කරන ලදි.

Read more

Local News