යුද හමුදාවට සහය වෙන්න සුනඛයන් 5ක් පරිත්‍යාග කරයි

Share

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණුකිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම අද (27) සිදු කෙරු‍ණේය.

ද සේව් මූව්මන්ට් සිලෝන් ෆවුන්ඩේෂන් නමැති සංවිධානයේ සභාපතිනිය ලෙස කටයුතු කරන ආචාර්ය ෂිරු විජේමාන්න මහත්මිය තම නිවසේ හැදී වැඩුණු ජර්මන් ෂෙෆර්ඩ් වර්ගයේ සුනඛයින් පස්දෙනෙකු අද ශ්‍රී ලංකා යුද හමුදාව වෙත මෙලෙස භාර දෙනු ලැබීය.

භාරදීම සිදු කෙරුණේ බම්බලපිටියේ පිහිටි නිවසේදීයි.

මෙය සිදු කෙරුණේ පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදියි.

අවුරුදු 2ක් වයසැති සුනඛයින් දෙදෙනෙක් සහ මාස 6ක් වයසැති පැටවුන් තිදෙනෙක් මෙලෙස පරිත්‍යාග කෙරුණි.

රටේ පවතින තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවලට සහය වෙමින් බෝම්බ ඇතුළු පුපුරණද්‍රව්‍ය සොයාගැනීම සඳහා මෙම සුනඛයින් පුහුණුකිරීම ඉදිරියේදී යුද හමුදාව විසින් සිදුකරනු ඇති.

මේ අතර පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කළේය.

Read more

Local News