අන්තවාදි ඉස්ලාම්ය NTJ, JMI යන සංවිධාන ලංකාව තුළ තහනම් කරයි

Share

අන්තවාදි ඉස්ලාම්ය සංවිධාන කිහිපයක් තහනම් කරයි

ජාතික තව්හීද් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බලතල යටතේ ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇති බවට  ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවිසින් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය (National Thawheed Jammath-NTJ)  සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි ( Jamathei Millathu Ibrahmeen) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත.”

යනුවෙනි.

ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගන්නා බව එම නිවේදනයේ දැක්වෙයි.

මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

Read more

Local News