රජයෙන් බලාපොරොත්තු වු දේ ඉටු නොවුනා දැයි හැඟෙනවා

Share

රජයෙන් බලාපොරොත්තු වූ දේ ඉටු නොවුනා වැනි හැ‍ඟීමක් ඇති වන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද(27) විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වැඩිදුරටත් අදහස් දැක්වු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ‍මෙසේ ද පැවසීය.

ප්‍රශ්නය – ඔබ වහන්සේට මේ සම්බන්ධයෙන් දැනුම් නොදීම ගැන පවසන්නට ඇත්තේ කුමක්ද?

“අපි කිසිම දෙයක් දන්නේ නැහැ. එය සිදුවුණේ අනපේක්ෂිතවයි.

පසුව ප්‍රවෘත්ති තුළින් අනාවරණය වුණා මෙවැනි ප්‍රහාරයක් සිදුවීම හා සැලසුම් කිරීම සම්බන්ධයෙන් රහස් තොරතුරු අසල්වැසි රාජ්‍යයක් ලබාදුන් බවට.

ජනාධිපති මට ඊයේ පැවසුවා මෙම ප්‍රහාරය එල්ලවන ස්ථාන පිළිබදවද තොරතුරු ලැබී ඇති බව.

නමුත් අපට කවුරුත් දැනුම් දුන්නේ නැහැ. අපි ඇසුවාට ඔවුන්ට පිළිතුරු තිබුණේ නැහැ.

එක් ඇමතිවරයෙක් පැවසුවා ඔහුගේ පියා ඔහුට පැවසූ බව මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බවත් , ඒ නිසා පල්ලි නොයන ලෙසත්.

එය ඉතා අවාසනාවත්ත දෙයක්. පසුව ඇමතිවරයා මා සමග පැවසුවා මගේ පියා වයස්ගත පුද්ගලයෙක් ඔහුට මෙය කාගෙන් අනාවරණය වුණාද යන්න නොදන්නා බව.

ඒ නිසා ඔහු එය බරපතළ ලෙස නොසැලකු බැවින් කාටවත් දැනුම් නොදුන් බව. යම් කරුණක් නිසා අපි ඒ ගැන දැනුවත් වුණේ නෑ.

බලධාරීන් මේ දැනුවත් වීම නොසලකා හැරියා. ඔවුන් මේ ගැන බරපතළ ලෙස සිතුවේ නැහැ.

උදාහරණයක් ලෙස ඉවත් වූ ආරක්ෂක ලේකම්වරයා මාධ්‍ය හමුවේ පවසනවා ඔවුන් එය බරපතළ ලෙස නොතැකූ බව.

නමුත් මෙය බරපතළ කරුණක් නොවුනත් අපිට දැනුම් දෙන්න තිබුණා. එහෙම නම් මෙවැනි හානියක් වන්නේ නැහැ.

නමුත් එය සිදුවුණේ නැහැ. අපි ඒ ගැන කණගාටුවෙනවා අවසානයේ ජීවිත නැතිවුණා. මෙය ආරක්ෂක අංශවල බරපතළ දුර්වලතාවයක්. අපි කාටද චෝදනා කරන්නේ ?

චෝදනා කළත් මියගිය අයට ජීවිත ලැබෙන්නේ නැහැ. මෙය ඉතා අවාසනාවන්ත සිදුවීමක්.”

ප්‍රශ්නය – ඔබ හිතනවාද කතෝලික සමාජය රජය විසින් අත්හැර දැමූ බව?

මේ සිදුවිමෙන් පසු රජය විශාල ලෙස උදව් කිරිමට විවිධ අයුරින් ඉදිරිපත් වුණා. ඔවුන් පොරොන්දු වුණා පල්ලි වෙත ආරක්ෂාව ලබාදීමට

ඒ වගේම නැවත පල්ලි ගොඩනැගිම සඳහාද උදව් ලබාදෙන බව. ඒ වගේම ප්‍රහාරයෙන් වින්දිතයින් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් පවුල් වෙත ලබාදීමටද තුවාලවූවන් සදහා  යම් මුදලක් ලබාදීමට.

මේ සියල්ල පැමිණියේ සිදුවීමෙන් පසුව නමුත් මම හිතන්නේ වඩා වැදගත් වන්නේ අපි මේ තර්ජනය සම්බන්ධයෙන් දැන සිටියා නම් අපි සියල්ල ආරක්ෂා වෙනවා.

අපි මේ අවස්ථාවේදී රජයෙන් බලාපොරොත්තු වූ දේ ඉටු නොවුනාදැයි හැ‍ඟෙනවා. ඔවුන් සියල්ල එකිනෙකා වෙත චෝදනා කරගන්නවා.

අවසානයේදි ජීවිත අහිමිවීම වුණා. මට මෙය යම් කිසි තරමට පාවාදීමක් සේ හැගෙනවා ඒ වගේම දුකක් තියෙනවා”

Read more

Local News