කොච්චිකඩේ දේවස්ථානයේ ශුද්ධ ධාතූන්ට හානියක් නෑ

Share

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ විට යළි දේව මෙහෙයන් ආරම්භ කරන බව දේවස්ථාන ප්‍රධාන පාලක ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමන් පවසයි.

බෝම්බ ප්‍රහාරයෙන් දින 6කට පසු ඊයේ දිනයේදී දේවස්ථානයට ඇතුල්වීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමිවූ අතර දේවස්ථානයේ පිරිසිදු කිරීම් ආරම්භ කෙරුණේ අද පෙරවරුවේදීයී.

එමෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතාද අද පෙරවරුවේ පැමිණ දේවස්ථානය නිරීක්ෂණය කළේය.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ඇති සුවිශේෂිත්වයක් වන්නේ වසර ගණනාවක දීර්ඝ ඉතිහාසයක් ඇති ඵෙතිහාසික වටිනාකමින් හෙබි ජේසුස් වහන්සේ ඇණ ගැසූ කුරුසයේ කොටසක් සහ ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුණිතුමන්ගේ ශුද්ධ වූ ධාතුන් දේවස්ථානයේ තැන්පත් කර තිබීමයි.

කෙසේවෙතත් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් එම පූජනීය වස්තුන්ට කිසිඳු හානියක් සිදුව නොමැති බවට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රධාන පාලක ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමන් පවසයි.

Read more

Local News