කොචිච්කඩේ දේවස්ථානය පිළිසකර කරන්න නාවික හමුදාව එක්වෙයි

Share

පසුගිය අප්‍රේල්  21 වන දින ත්‍රස්ථ ප්‍රහාරයකට ලක්ව දරුණු ලෙස හානියට පත් වු කොළඔ, කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පිළිසකර කිරීමේ වැඩසටහනක් ඊයේ (අප්‍රේල් 27) ක්‍රියාත්මක විය.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නගේ උපදෙස් අනුව නාවික හමුදා නිලධාරින් සහ නාවිකයින් 100 කට අධික පිරිසක් මෙම වැඩසටහන සඳහා අනුයුක්ත කරන ලදී.

මෙම වැඩසටහන් මාලාවේ ප්‍රථම අදියර ඊයේ දවස පුරා සිදු කරන ලද අතර, එහිදී ප්‍රහාරයෙන් පසු සුන් බුන් වන ලද කොටස් සහ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන්ගේ විනාශ වු බඩු බාහිරාදිය වල කොටස් අදියරයෙන් අදියර ඉවත්කර දේවස්ථානය සම්පුර්ණයෙන් රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් සෝදා පිරිසිදු කෙරුණි.

මේ සඳහා නාවික හමුදාවට අයත් ගිනි නිවීමේ ආපදා රථ, ජල බවුසර්, ට්‍රක් රථ සහ අනෙකුත් උපකරණ යොදාගන්නා ලද අතර, දේවස්ථානය කඩිනමින් අළුත්වැඩියා කර යථාතත්වයට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටියි.

Read more

Local News