පවතින තත්ත්වය හමුවේ තවදුරටත් දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඊයේ (27) මධ්‍යම රාත්‍රීයේ පොළොන්නරුව සී.පී.පුර ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අසල ගසක් යට දමා ගොස් තිබූ සැකකටයුතු පාර්සලයක් යුද හමුදාවේ බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ පුපුරුවා හරිනු ලැබුවා.
කෙසේ වෙතත් කිසිදු පුපුරද්‍රව්‍යක් තිබී නොමැති අතර එහි තිබී ඇත්තේ ගෝනි කැබැල්ලක්,අහස් කූරක කොටසක් සහ අලු සහිත පාර්සලයක්.
මේ අතර ඇහැලියගොඩ අස්ගගුල ප්‍රදේශයේ අද උදෑසන සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයින් දෙදෙනා බුලත්කොහුපිටිය සහ කාත්තන්කුඩි සිට පැමිණි දෙදෙනෙකු බවට වාර්තා වී ඇත.
එමෙන්ම මොණරාගල නගරය සහ පොදු වෙළද සංකීර්ණය අද මොණරාගල පොලිසිය සහ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් එක්ව පූර්ණ පරීක්ෂාවකට ලක් කළේය.
මේ සඳහා මොණරාගල පොලිසියේ සුනඛ අංශයේද සහය හිමිව ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමෙන් සියලුම රථවාහන නවත්වා පරීක්ෂා කිරීම ඊයේ සිදු කෙරුණි.
මේ අතර බදුල්ල ශාන්ත මාර්ක් දේවස්ථානයේ අද උදෑසන ඉරිදා විශේෂ දේව මෙහෙය පැවැත්වෙන අතරතුර යුද හමුදා ඇදුමට සමාන ටීෂර්ටයක් ඇඳ දේවස්ථානය ඉදිරියේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් යුද හමුදා සාමාජිකයින් විසින් අල්ලාගෙන බදුල්ල පොලිසියට භාර දී තිබේ.