ගුරු විදුහල්පති වෘත්තීය ක‍්‍රියාමාර්ගය අත්හිටුවයි

Share

ගුරු හා විදුහල්පති සේවාවන්ට පවතින වැටුප් විෂමතා මුල් කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට තිබු අසනීප නිවාඩු වාර්තා කිරිම් හා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය අත්හිටුවා ඇත.

ගුරු හා විදුහල්පති සේවාවන්ට පවතින වැටුප් විෂමතාව විසඳීම ඇතුළු ප‍්‍රධාන ඉල්ලීම් මුල් කර ගනිමින් වෘත්තීය සමිති ඒකාබද්ධව මැයි 9 හා 10 යන දෙදින අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් හා මැයි 09 වන දින උද්ඝෝෂණයක් කැඳවා තිබුණි.

අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර හා ඉන් අනතුරුව රට තුළ උද්ගතව ඇති තත්ත්වය හා සිසු දරුවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එම වෘත්තීය ක‍්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති සංගම් වෙතින් දැනුම් දී ඇත.

ඒ අනුව සේවාවන්ට අයත් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සියළු දෙනා අදාල දිනයන්හි සේවයට වාර්තා කරන ලෙස ඉල්ලීමක් කර ඇත.

මෙම ගැටලු විසදීම සඳහා රජය මැදිහත් නොවුනහොත් රට තුළ සාමාන්‍ය තත්වයක් තහවුරු වූ වහාම නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බවත් ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

Read more

Local News