ප්‍රහාරවල වස්තු බීජය හදුනාගෙන අවශ්‍ය පියවර ගන්න

Share

රටතුළ ගොඩනැගී ඇති අන්තවාදී ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම සඳහා බුද්ධිමත්ව සහ ඉවසිලිවන්තව කටයුතු කළයුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඊයේ (27) කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ කළේය.

එහිදි අදහස් දක්වු සරත් ෆොන්සේකා මහතා දැක්වුයේ මෙම තත්ත්වය කෙටි කාලයක් තුල අවසන් කළ නොහැකි බවයි.

එමෙන්ම එම ත්‍රස්ත ප්‍රහාරවල වස්තු බීජය හදුනාගෙන අවශ්‍ය පියවර ගැනිම් සිදු කළ යුතු බවද ඒ මහතා පැවසීය.

ඇති වි ඇති ප්‍රශ්නය විසදාගැනිමට නම් වසර දෙකක්වත් ඉවසිමෙන් වැඩ කළ යුතු බවද ඒ මහතා අවදාරණය කළේය.

Read more

Local News