මියගිය ජනතාව සිහිපත් කරමින් ලංකාවේ සියලු දේවස්ථානවල සීනුව නාද කරයි

Share

පිපිරුම් මාලාවෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් අද (28) උදෑසන 8.45 ට ශ්‍රී ලංකාවේ සියලු දේවස්ථානවල සීනුව නාදකිරීමද සිදු කෙරුණේය.

මේ අතර කොළඹ කිංග්ස්බරි හෝටල්යේදී අද උදෑසන මතක වස්ත්‍ර පූජා කිරීමේ පිංකමක් පැවැත්වුණේ බෝම්බ පිපිරීම්වලින් මිය ගිය ජනතාව සිහිපත් කරමින්.

මීට අමතරව පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් මිය ගිය සියලූදෙනාට පිං පමුණුවමින් සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් අද  හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවති දානමය පුණ්‍ය කර්මයක් පැවැත් විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද සහභාගිත්වයෙන් මෙය සිදු විය.

Read more

Local News