හමුදා නිල ඇදුම්වලට සමාන ඇඳුම් මැසූ අයෙක් අත්අඩංගුවට

Share

කිලිනොච්චිය, අයියකච්චි ප්‍රදේශයේදී යුධ හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් මැසීම සිදුකළ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙ ඇත.

ඊයේ (27) යුධ හමුදා හා පොලිස් නිළධාරීන් සිදුකළ සෝදිසි කිරීමකදී දෙමටගොඩ ප්‍රදේශයේ ස්ථිර පදිංචිය දරන වයස අවුරුදු 44 ක පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

සැකකරු සතුව අදාළ යුධ හමුදා ඇඳුම් මැසීම වෙනුවෙන් ලබාගත යුතු බලපත් කිසිවක් නොතිබු අතර,ඒ සම්බන්ධයෙන් සැකපිට සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

පොලිසිය පවසා ඇත්තේ සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයට දැනුම්දී ඇති අතර,සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉඳිරිපත් කිරීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News