ගිලන් රථයක් මාර්ගයෙන් ඉවතට පනී

Share

බදුල්ල පස්සර මාර්ගයේ වේවැස්ස 5 කනුව ප්‍රදේශයේදී ගිලන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක ගැටී අනතුරකට ලක් වී ඇත.

මෙසේ අනතුරට පත් වී ඇත්තේ බදුල්ල මහ රෝහලට අයත් ගිලන් රථයක් බව වාර්තා වෙයි.

අදාල ගිලන් රථය අද (28)සවස 6ට පමණ පස්සර ප්‍රදේශයේ සිට බදුල්ලට දෙසට ධාවනය වෙමින් තිබි ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ගිලන් රථයේ රෝගින් නොසිටි නමුත් රියදුරා හා  සහායක බරපතල තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News