ස්කැන්ඩිනේවියානු ගුවන් සේවයේ නියමුවන් වර්ජනයක

Share

ස්කැන්ඩිනේවියානු ගුවන් සේවයේ ගුවන් නියමුවන් වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

මේ හේතුවෙන් ගුවන් ගමන් වාර රැසක් අවලංගු කිරීමටත් එම ගුවන් සේවයට සිදුව තිබුණි.

ස්වීඩනය සහ ඩෙන්මාර්කය යන රටවල සේවය කරන ස්කැන්ඩිනේවියානු ගුවන් සේවයේ ගුවන් නියමුවන් වැඩවර්ජනයට එක්වී සිටියි.

වැටුප් සංශෝධනයක් සම්බන්ධව ගුවන් සේවයේ බලධාරීන් සමඟ පැවති සාකච්ඡා බිඳවැටීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.

ගුවන් නියමුවන් එක්දහස් හතළිස් නව දෙනෙකු වැඩවර්ජනයට සහභාගි වී සිටින බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

මේ හේතුවෙන් ස්කැන්ඩිනේවියානු ගුවන් සේවයේ ගුවන් ගමන් වලින් සියයට හැත්තෑවක් පමණ අවලංගු කර තිබූ අතර ඉන් ගුවන් මගීන් එක්ලක්ෂ හැත්තෑදහසක් පමණ අපහසුතාවට පත්වුණි.

මේ අතර අදාළ ගුවන් සේවය ප්‍රකාශ කළේ ගුවන් නියමුවන් සමඟ යළි සාකච්ඡා ඇරඹීමට සහ එමගින් යම් එකඟතාවකට පැමිණීමට ඔවුන් බලාපොරොත්තු වූ බවය.

එහෙත් ඊට ගුවන් නියමුවන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේය.

Read more

Local News