යාපනයෙන් භූගත බංකරය ගැන පරීක්ෂණ අරඹයි

Share

යාපනය ප්‍රදේශයෙන් සොයාගන්නා ලද භුගත බංකරය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ආරක්ෂක අංශ පවසයි.

තෙමහල් නිවසක පොළොව අභ්‍යන්තරයේ සකසා තිබු අදාළ බංකරය පොලිස් විශේෂ කාර්ය නිලධාරින් සහ පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී සොයාගනු ලැබුවේය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

අදාළ බංකරය මීටර් 25ක් පමණ උසකින් සමන්විත වන අතර පළල අඩි පහක් ලෙස සකස් කර තිබේ.

එමෙන්ම මෙය තහඩුවලින් ආවරණය කළ ආරක්ෂිත දොරක් යොදවා තිබු බව සඳහන්ය.

මීට අමතරව මෙම බංකරය තුළට විදුලිය ලබා දී තිබු බවද පොලීසිය සඳහන් කළේය.

අදාළ නිවසේ ව්‍යාපාරිකයා කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු මේ වනවිට නිවසින් පිටව ගොස් ඇති බවද සඳහන්ය.

මෙම ව්‍යාපාරිකයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර දැනට අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News