ලෝක දියවැඩියා දිනයට සමඟාමීව රෝග ගැන හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ

Share

නොවැම්බර් මස 14 වන දිනට යෙදුණ ලෝක දියවැඩියා දිනයට සමඟාමීව කොළඹ යුද්ධ හමුදා රොහලේ ‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ ව්‍යපෘතියට අනුව දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරීමේ තවත් එක් වැඩසටහනක් ඊයේ (15) පවත්වනු ලැබීය.

මෙවර ‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ ව්‍යාපෘතියේ දී දියවැඩියා රෝගය සහ එහි සංකුලතාවය පිළිබඳව සෞඛ්‍යය පරික්ෂණ සායන, අධ්‍යාපනික වැඩසටහන් සහ දේශන මගින් දැනුවත් කිරීම සිදු කෙරිණි.

‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ ව්‍යාපෘතියේ ප්‍රධානි බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ. එස්. එම් විජේවර්ධන, ලුතිතන් කර්නල් ඩි.එස්. හෙයියන්තුඩුව, ලුතිතන් කර්නල් කේ.ඩි.එන්.යු. ජයසිංහ සහ මේජර් ආර්.පි.එම් ප්‍රසංග විසින් බෝ නොවන රෝග සහ සංකුලතා පිළිබඳවත් එම රෝග තත්වයන්ගෙන් ආරක්ෂාවීමේ අවශ්‍යතාවය පිළිබඳවත් මෙහිදි වැඩිදුරටත් දැනුවත් කරන ලදි.

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ ගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතියේ ප්‍රධානි විසින් යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ දී ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්ව සිටියහ.

Read more

Local News