අන්තවාදී දේශන වලට සහභාගී වූ මව්ලවිවරයෙකු අත්අඩංගුවට

Share

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායකයා වන සහරාන් හෂීම් සිදු කළ අන්තවාදී දේශන කිහිපයකට සහභාගී වී ඇති බව කියන හොරොව්පතාන මුක්කරවැව ප‍්‍රදේශයේ මව්ලවිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මෙම දේශනවලට සහභාගී වී ඇත්තේ 2016 වසරේදී බවයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර පිටකොටුව කෙසෙල්වත්ත – සුරියමල්පුර නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා.

සැකකරු අත්අඩංගුවට ගැණුනේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. මොහොමඞ් පවාස් නමින් හැඳින්වෙන මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකයේ තිබී විමර්ශනවලට අදාළ තොරතුරු රැසක් හමුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඉකුත් 21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසුව මෙම පුද්ගලයා මෝටර් රථයකින් පිපිරීම් සිදුවූ ස්ථාන ඉදිරිපිටින් ගමන් කර අදාළ ස්ථාන සිය ජංගම දුරකථනයෙන් පටිගත කර ඇති බවද සදහන්.

සැකකරු සතුව තිබී රියදුරු බලපත‍්‍ර දෙකක්, මානව හිමිකම් සංවිධානයක සාමාජිකයෙකු බව සදහන් හැඳුනුම්පතක් ද සොයා ගෙන තිබෙනවා. අන්තවාදී අදහස් ප‍්‍රචාරය සදහා යොදාගත් ප‍්‍රකාශ සහ ඊට අදාළ වීඩියෝ දර්ශන ද ඔහුගේ ලැප්ටෝප් පරිගණකයේ තිබී හමුවුණා.

Read more

Local News