දුම්මලසූරිය පිරිමි අරාබි පාසලක් සෝදිසි කරයි

Share

දුම්මලසුරිය ජාමියා මනාරුල් හුදා පිරිමි අරාබි පාසල ඊයේ(28) ආරක්ෂක අංශ විසින් සෝදිසි කර තිබේ.

එහිදි එම විද්‍යාලයේ ගොඩනැඟිල්ලක බිත්තියක කඩු දෙකක් සහිත ලාංජනයක් සඳහන් කර ඇති ආකාරයක් දක්නට ලැබුණි.

ඒ අනුව එම පාසල පරික්ෂා කිරිමේදි ජංගම දුරකථන කිහිපයක් , කාන්තා බුරුකා, එල්.ටි.ටි.ඊ ක්‍රියාකාරකම් සහිත පොත් ඇතුලු සටන් උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ.

එමෙන්ම එම පාසල් භූමියේ පොල්ගස්වලට තියුණු ආයුධවලින් පහරදි ඇති ආකාරයක් ද දක්නට ලැබේ.

මේ අතර නිකවැරටිය පොලිසිය ඊයේ කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදි නිකවැරටිය මුස්ලිම් පල්ලිය අසල වෙලඳ සැලක තිබි කඩු 4 ක් සොයා ගෙන තිබේ.

අනතුරුව එම වෙලදසැලේ හිමිකරුද පොලිස් අත්අඩංගුවට ගැනුණි.

කන්තලේ තඹලගමුව සුරාජ්නගර් ගම්මානයේ සිදු කළ වැලටිමකදි නිවසක් තුළ තිබි කඩුවක්, ත්‍රිවිධ හමුදා නිලධාරින් භාවිත කරන පාවහන් යුගලක් හා ලැප්ටෝප් පරිඝනකයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News