දයාසිරිගෙන් හලීම්ට චෝදනාවක්

Share

මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා තව්හිද් ජමාත් සංවිධානයට දේවස්ථාන 400 ක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි.

ඊයේ (29) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ‍දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය නොවන සංවිධාන රාශියක් අදාළ සංවිධානයට මුල්‍ය ආධාර ලබා දි ඇති බවයි.

පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය වැළැක්විම සඳහා නීති රාමුවක් සකස් කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර තව්හිද් ජමාත් සංවිධානයට පල්ලි ඉදිකිරීම් සඳහා අනුමැතිය දුන්බවට එල්ල වු චෝදනා ප්‍රතික්ෂේප කරන බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News