සමාජ මාධ්‍ය තහනම ඉවතට

Share

පාස්කු ඉරිදා ප්‍රහාරය සමග අවහිර කර තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව වට්ස් ඇප්, ෆේස්බුක්, වයිබර් යන සමාජ මාධ්‍ය තහනම මේ අනුව ඉවත් වෙයි. එම තනහම ඉවත් කිරීමට ජනපතිවරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

බාධාව ඉවත් කළත් රටතුළ පවතින තත්ත්වය අනුව සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් කටයුතු කරන ලෙස රජය ඉල්ලා සිටියි.

Read more

Local News