NTJ ඉහළ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට

Share

කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් නව කාත්තන්කුඩ් ප්‍රදේශයේ අද (30) උදෑසන පටන් කළ සෝදිසි මෙහෙයුමකදී තහනම් කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ ඉහළ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහි භාරකරු මව්ලවි තව්ෆික්, භාණ්ඩාගාරික ෆය්සර්, සහ්රාන් හාසිමිගේ මාධ්‍ය භාරකරු ෆයිරුස් යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙමෙ සෝදිසි මෙහෙයුම් සඳහා යුද හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එ්කාබද්ධව කර තිබේ.

ඒ සඳහා සෙබළුන් 660 ක් පමණ එක්ව ඇති අතර වැටලීම්වලට නිල සුනඛයින්ගේ සහායද ලැබී ඇත. පැය 7ක කාලයක් මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

Read more

Local News