ව්‍යාජ වාහන අංක තහඩු සකසන ස්ථානයක් මුන්දලමෙන් වටලයි

26

යුධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව මුන්දලම මදුරන්කුලිය නගරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදි  ව්‍යාජ අංක තහඩු සකසන ස්ථානයක් වටලා එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය පවසයි.

අදාළ සැකකරුවන් මදුරන්කුලිය නගරයේ ස්ටිකර් සැකසිමේ ස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ව්‍යාජ අංක තහඩු සකසා ඇති බව කියයි .

මෙම ස්ථානයේ නැගෙනහිර සහ බස්නාහිර පළාත් වල අංක තහඩු සකසා ඇති බව සඳහන්.

මෙම ව්‍යාජ අංක තහඩු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු වලට සමාන ආකාරයෙන් සකසා තිබු බවත් පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පැවසේ.

පුත්තලම 143 බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතාගේ උපදෙස් මත යුධ හමුදා කණ්ඩායම් කිපයක් සෝදිසි මෙහෙයුම් වලට එක්ව තිබු අතර මුන්දලම පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් ඒකනායක මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ද එක්ව තිබුනී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුන්දලම පොලීසියට භාර දිමට යුධ හමුදාව කටයුතු කර තිබුනී.