මෙරට දැන් ඇති තත්ත්වය සමනය කරන්න UN සහය

Share

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒලායන්ස් ඔෆ් සිවිලයිසේෂන් (Alliance of Civilizations)හී උප ලේකම්, Miguel Angel Moratinos මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෙනුවෙන් පාස්කු ඉරිදා ඇතිවූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් සඳහා සිය ශෝකය ප්‍රකාශ කරන ලෙසද ඒ මහතා පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි සාමාජිකයන් ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ එකට එකමුතුව මෙම තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය සියළුම සහය ලබාදෙන බව Miguel Angel Moratinos මහතා එහිදී ප්‍රකාශ කළේය.

Read more

Local News