ජනපතිගේ සහ අගමැතිගේ මැයි දින පණිවිඩ මෙන්න

Share

අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පණිවිඩ නිකුත් කර තිබේ.

සර්වසාධාරණ අයිතිවාසිකම් සහිත එකම මිනිස් සමූහක් ලෙස හිමිකම් සහ අන්‍යෝන්‍ය සහජීවනය ද උවදුරින් තොර ජීවන පරිසරයක් ද උදෙසා එකාවන්ව කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අදට යෙදී ඇති  මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සැමගේ නොනිමි අරගලවල වර්තමානය අනාගත සංවර්ධිත මාවත් හෙළි පෙහෙලි කිරීම සඳහා හේතුවනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

ශ්‍රමයේ බලය හිමි ජනතාවගෙන් තොරව කිසිදු ක්ෂේත්‍රයක සඵලත්වයක් අත්කර ගත නොහැකි බව සිය මැයි දින පණිවිඩය මඟින් ජනාධිපතිවරයා පවසයි.

මේ අතර සමාජ දේශපාලන, ආර්ථික අර්බුද ජයගනිමින් සාමකාමී වටපිටාවක තිරසර සංවර්ධනයක් කරා පා නගමින් සිටි අවස්ථාවක එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය රටේ අනාගතයට දැඩි බලපෑමක් එල්ල කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය මැයි දින පණිවිඩය මගින් පෙන්වා දී තිබේ.

Read more

Local News