ගුවන් තොටුපල පරිශ්‍රයේ වාහන තදබදය අවම කරන්න පියවර

Share

කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ ගෙන ඇති ආරක්ෂක විධිවිධාන හේතුවෙන් පවතින රථ වාහන තදබදය මගහරවා ගැනීම සඳහා පියවර කිහිපයක් අනුගමනය කරන ලෙස ගුවන්තොටුපල බලධාරින් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා මිනුවන්ගොඩ සිට පැමිණෙන වාහන ජාඇල මාර්ගය භාවිත කොට අධිවේගී මාර්ගයට පිවිසීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.

එමෙන්ම අධිවේගී මාර්ගය භාවිත කරමින් මිනුවන්ගොඩ කුරුණෑගල යන ප්‍රදේශවලට ගමන් කිරීමට නියමිත වාහන ජා ඇල අධිවේගී පිටවුම භාවිත කොට ජාඇල මිනුවන්ගොඩ මාර්ගයේ ඔස්සේ ගමන් කරන ලෙස ගුවන්තොටුපල බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මිනුවන්ගොඩ දෙස සිට මීගමුව කටනායක අවට ප්‍රදේශවලට ගමන් කරන වාහන ගුවන්තොටල ඉදිරියෙන් දිවෙන කටුනායක මිනුවන්ගොඩ මාර්ගය භාවිත කිරීමෙන් වළකින ලෙස ද එම බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News