ජපන් නව අධිරාජ්‍යා ලෙස නරුහිතෝ කුමරු රාජාභිශේක වෙයි

Share

ජපානයේ නරුහිතෝ කුමරු එරට නව අධිරාජ්‍යයා ලෙසින් රාජාභිශේකය ලබා ඇත.

ඒ තිස්වසරක් ජපාන රාජ්‍යත්වය දැරූ අකිහිතෝ අධිරාජ්‍යයා රාජ්‍යත්වය අත්හැරීමෙන් දිනකට පසුවය.

මේ වෙනුවෙන් තෝකියෝ අගනුවර ඉම්පීරියල් මන්දිරයේ රාජකීය පරිශ්‍රයේ අති උත්කර්ෂවත් උත්සවයක් සංවිධානය වී තිබුණි.

ජපන් වැසියන් විශ්වාසය පළකරන්නේ නව රජු බලයට පත්වීමෙන් අනතුරුව ජපානයට නව යුගයක් උදාවනු ඇති බවය.

එය රෙයිවා යුගය ලෙසින් ද නම් කර ඇත.

Read more

Local News