කටුනායක ආරක්ෂාව තර කරන්න නවින උපකරණ

Share

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරත් සමගින් ඉදිරියේදි එවැනි ප්‍රහාරයක් ඇති විම වැළැක්විමේ අරමුණින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂාව තහවුරු කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

එහි පියවරක් ලෙස මගී ගමන් මළු හා භාණ්ඩ පරීක්ෂා කිරිමේ නවින තාක්ෂණයෙන් යුත් උපකරණ මිලදී ගෙන ස්ථාපිත කිරිමට සූදානම් වෙයි.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read more

Local News