CPC කොළඹ නගරයේ ඉඩමක් ලෙස ගැසට් කරන්න අනුමැතිය

Share

කොළඹ වරාය නගර භූමිය විශේෂ කලාපයක් ලෙස පවත්වාගෙන යෑමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව කොළඹ වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයේ හා බස්නාහිර පළාතේ පිහිටි රජයේ ඉඩමක් ලෙස ගැසට් කිරීමට නියමිතය.

වරාය නගරය හරහා ශ්‍රී ලංකාවට හෙක්ටයාර් 269ක භූමියක් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයට එක්වෙයි. එහි මාර්ග හා පොදු ස්ථානවලින් සමන්විත හෙක්ටයාර 91ක් තුළ කිලෝමීටර් 2ක දිගින් යුත් වෙරළක්, ප්‍රධාන උද්‍යානයක්, වසරේ ඕනෑම කාලයක පිහිනීම හා ජල ක්‍රීඩා කිරීම සඳහා යෝග්‍ය වූ මුහුදු තිරයක් හා නගරය හරහා දිවෙන මාර්ග 70ක පළලකින් යුත් ඇළ මාර්ගයක්ද ස්ථාපිත කිරීමට නියමිතය.

අවන්හල් හා විනෝද වීමේ පහසුකම් සහිත නිකේතන වරායක්, විනෝද උද්‍යානයක්, ජාත්‍යන්තර අධ්‍යාපන, ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා හා සම්මන්ත්‍රණ ශාලාවකින්ද මෙම ප්‍ර දේශය සමන්විත වෙයි.

ඒ අනුව වරාය නගරය කළමණාකරණය හා පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය බලතල සහිත දේපළ කළමණාකරය සමාගමක් ස්ථාපිත කිරීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read more

Local News