ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සමරු උත්සවය අද

Share

ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සමරු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(01) පෙරවරුවේ පැවැත්වුණි.

අළුත්කඩේ උසාවි සංකීර්ණය ආසන්නයේ පිහිටි ප්‍රේමදාස පිළිරුව අභියසදී පැවති සැමරුම් උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් එක්ව සිටියහ.

තවද හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු එම පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් ද එක්ව සිටි බවට වාර්තා වෙයි.

1993 වර්ෂයේ මැයි 1 වන දා දිනක මැයි දින පෙළපාලියක් අතරතුරදී ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකින් රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ඇතුළු කිහිප දෙනෙකු ඝාතනයට ලක් වුයේ ය.

ශ්‍රි ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා වන්නේ ද රණසිංහ ප්‍රේමදාස මහතාය.

Read more

Local News