කුලියාපිටියේදී සහරාන්ගේ සමීපතමයෙක් අල්ලයි

Share

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තතේ කුලියාපිටිය, සුභාරතීපුර ප්‍රදේශයේදී ය.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් නමැති අයෙකු බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News