ප්‍රහාර පිළිබඳ කොමිසමේ අතුරු වාර්තාව ගැන සාකච්ඡාව අද

Share

පසුගිය අප්‍රේල් 21 වන දින එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ විශේෂ පර්යේෂණ මණ්ඩලයේ අතුරු වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව නීතිපතිවරයා සමඟ අද (02) දිනයේ සාකච්ඡා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර එම වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් අව්‍යශ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

පසුගිය 21 වන දින මෙරටට එල්ල වු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සති 2ක් තුළ වාර්තාවක් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිපුද්ගල පර්යේෂණ මණ්ඩලයක් පත් කරනු ලැබුවේය.

අදාළ මණ්ඩලය විසින් සිදුකළ පර්යේෂණවල අතුරු වාර්තාව පෙරේදා දිනයේ තමන් වෙත ලැබුණු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

Read more

Local News