විමල්ගෙන් හෙළිදරවිවක්

Share

බුද්ධි අංශ අඩපණ කොට අන්තවාදීන්ට මරාගෙන මැරීමට අවශ්‍ය වාතාවරණය සැකසීම ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමේ සැලසුමේ මුල් පියවර පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (01) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති ‘ඒකාබද්ධ මැයි දින සංකේතාත්මක සැමරුමට’ එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය

මේ අතර සිංහල – මුස්ලිම්, කිතුණු – මුස්ලිම් ගැටුම් තුළින් මේ රට ලේ විලක් කිරීම බවත් තෙවන පියවර ඒ ලේ විල භාවිතා කොට ‘ශ්‍රී ලංකාවේ මානුෂවාදී අර්බුදයක් ඇතිව තිබේ’ යන්න පවසමින් මෙරටට ඇමෙරිකන් හමුදා රිංගවීම බවත් මේ සියලු සැලසුම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත්ව සිදු වන ඒවා බව  පෙන්වා දෙයි.

අපි මේ සැලැස්ම පැරදවිය යුතුයි. එහිදී සැලකිලිමත් විය යුතු ප්‍රධානතම කරුණ තමයි ‘අපි නීතිය අතට නොගත යුතුයි’ කියන එක. අපි අනෙකාගේ හිසට ප්‍රහාර එල්ල නොකට මේ පැන නැඟී ඇති ත්‍රස්තවාදය පැරදවීමට ආරක්‍ෂක හමුදාවලට උපරිම සහයෝගය දිය යුතුයි. ඔවුන්ට ඕනේ සිංහල – මුස්ලිම් ගැටුමක්.

කිතුණු – මුස්ලිම් ගැටුමක්. ලේ විලක් බවට පත් වුණු ශ්‍රී ලංකාවක්. ඔවුන් ඒ ලේ විල පාවිච්චි කර ‘ශ්‍රී ලංකාවේ මානුෂවාදී ආර්බුදයක් ඇතිව තිබේ’ කියා කියනවා.

ඉන්පසු ඒ ‘මානුෂවාදී අර්බුදය’ විසඳීමට ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව තහවුරු වන තැනට මේ ප්‍රශ්නය රැගෙන යනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා දැනුවත්ව අද බටහිර අධිරාජ්‍යවාදීන් මේ රට ඇදගෙන යන්නේ ඒ න්‍යාය පත්‍රය තුළයි.“

Read more

Local News