ත්‍රස්තවාදයට එරෙහිව සෑම රටක්ම එකතු විය යුතුයි

Share

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය නිසා රටේ විශාල කැළඹීමක් ඇති වුවත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරලීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස් ආරක්ෂක හමුදාවන් නීතියට යටත් කර තිබෙන බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා මෙවැනි ක්‍රියා නැවත සිදු නොවීමට වගබලා ගත යුතු බවත්,  ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සෑම රටක්ම එක්ව බුද්ධි අංශ තොරතුරු හුවමාරු කර ගනිමින් ඉදිරියට යා යුතු බවත් අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ(01) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ රැස්වීමකදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

“අපි ත්‍රස්තවාදයට අමුත්තෝ නොවෙයි. ත්‍රස්තවාදය විවිධ මුහුණුවරවල් අරගන්නවා. දැන් දේශීය ත්‍රස්තවාදය වෙනුවට ජාත්‍යන්තර අයි එස් ත්‍රස්තවාදයට මුහුණ දී සිටිනවා. මෙය මෙතෙක් පැවැති ත්‍රස්තවාදයට වඩා වෙනත් මුහුණුවරක් ගෙන තිබෙන බව කිව යුතුයි.

අපේ බුද්ධි සේවාවල දස දහසකට අධික සාමාජිකයන් පිරිසක් සිටිනවා. මෙමඟින් ශ්‍රී ලංකාව තුළ සිදුවන ත්‍රස්ත ක්‍රි යාවන් සොයාගත හැකියි.

නමුත් ජාත්යයන්තරයේ සිදුවන ක්‍රියාවන් පිළිබඳව ජාත්‍යන්තර බුද්ධි අංශ ඔස්සේ සොයාගත යුතු වනවා.

ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවන් පිළිබඳව සොයා ගැනීමට දැන් තිබෙන තත්ත්වයට වඩා වැඩි තාක්ෂනණයක් අවශ්‍යයි.

අයි එස් අයි එස් ත්‍රස්තවාදයට එරෙහිව සෑම රටක්ම එකතු වී වැඩ කටයුතු කළ යුතුයි.”  යනුවෙන් ප්‍රකාශ කරනු ලැබුවේය.

Read more

Local News